වැඩිපුරම අහුවෙන්නෙ හාල්මැස්සො, අල්ලන්න ඕනෙ තෝරු
Related Articles
රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ඉහල පෙළේ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට රජය නව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
අමාත්‍ය සාගල රත්නායක,
අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ මාතර තිහගොඩ ගල්බඩ ශ්‍රී දේවානන්ද විදුහලේ පැවති උත්සවයක් අමතමින්. එම විදුහලේ නව ආරක්ෂිත තාප්පය සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. විදුහලේ තූර්යවාදක කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදීම සිදු කෙරුණේ ද අමාත්‍යවරයා අතින්. පළාත් සභා මන්ත්‍රී බී ජී ප්‍රියන්ත, විදුහල්පති ආනන්ද සමරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහබාගී වුණා.