අයහපත් කාලගුණය නිසා ඇතැම් ප්‍රදේශවල බිද වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ගස් කඩාවැටීම් සහ අකුණු සැර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. ගාල්ල, නාගොඩ, උඩලමත්ත, යටලමත්ත ආදී ප්‍රදේශවල බිද වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයන් කටයුතු කරමින් සිටිනවා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් යටලමත්ත ඇළට වැටී මියගිය එච් ජී පී දයාරත්න මහතාගේ ඌරල පිහිටි නිවසට ගිය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඒ මහතාගේ බිරිද වෙත වන්දි මුදල් ප්රදානය කළා. රුපියල් ලක්ෂයක චෙක්පතක් මෙසේ ලබා දෙනු ලැබුවා.
ගාල්ල මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කළා. ආපදාවට පත් සියලු දෙනාට සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අමාත්‍ය වජිර අබේවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/miwYxAkc7dQ”]
මේ අතර ගිං ගග පිටාර ගැලීමෙන් අවතැන්වූවන්ට පිසූ ආහාර ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. ගිංතොට බටහිර සහ පියදිගම ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කිහිපයක අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීම ට පියවර ගැනුනා.