fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 10:41

පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී කිසිදු අවස්ථාවක මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි.

වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළුව විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලු ජනතාව වෙත සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා, මරණයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත ද සිය බලවත් සංවේගය පළ කරයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්