කැළිකසළ බැහැර කිරීම සඳහා අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100 ක් කොළඹ මහ නගර සභාව ගෙවා ඇති බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඊයේ සිට කොළඹ මහ නගර සභාවෙන් කැළිකසළ භාර ගැනීම සිදු කරන බවයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ.
ණය සීමාව ඉක්මවා නොයන පරිදි විධිමත් කළමනාකාරිත්වයකින් යුතුව ඉදිරියට මෙය පවත්වාගෙන යාම දෙපාර්ශ්වයේම වගකීම බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කරනවා. මෙම වසරේ ජූලි මාසයේ සිට කැළිකසළ අපහරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207 ක මුදලක් කොළඹ මහ නගර සභාව ගෙවා නොමැති වීම නිසා කැළිකසළ භාර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පසුගිය සෙනසුරාදා පියවර ගත්තා. මේ පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ද අදහස් දැක්වූවා.
රෝසි සේනානායක-කොළඹ පුරපතිනි,
[ot-video type=”youtube” url=”https://youtu.be/o0GO5uPaVxg”]