fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිං, ආවා වගේම යන්න.. ඒත් ආයේ රිංගන්න එන්න එපා…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 08:30

ඉතිං, ආවා වගේම යන්න.. ඒත් ආයේ රිංගන්න එන්න එපා…

බැඳීමක් නම් ඇතුල් විය යුතුය… එක්කෝ පිටවිය යුතුය… එන්න වගේම යන්නත් ඉඩ තියලා තියන්න ඕනේ… ඒ තමයි මගේ විශ්වාසය බැඳීම් සම්බන්ඳව…හැබැයි ගිය කෙනෙක්ට ආයේ රිංගන්න ඉඩ නොතියන්න ඕනේ. ඒ තමයි මගේ ඇදහීම…

මොකද හිත අස්සේ කරක් ගහන හදවතක් දන්නවා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ වීක් පොයින්ට්ස්. විශේෂයෙන් ප්‍රේමයක් ළඟ සුරතල් වෙනකොට කැපී පෙනෙන්නේ ඒ කෙනාගේ වීක් පොයින්ට් එක. එයා දුර්වල තැනින් තමයි සම්බන්ධතාව ශක්තිමත් කරගන්න හදන්නේ. එතකොට ඒ අඩුව හෝ දුර්වලතාව හයිලයිට් වෙනවා. ඉතින් ප්‍රේමයක් ඇතුලේ ඒවා ඉස්මතු වීම පට්ට සාමාන්‍යයක් වෙනකොට අකාලයේ අතහැර ගියොත්……??

එනවා වගේම යන්නත් ඉඩ දෙන්න ඕනේ… යන කෙනෙක් ළඟ බැගෑපත් වීම මම නම් අනුමත කරන දෙයක් නෙමෙයි. නාවර පෙරාගෙන අඬන එක වගේම, බ්ලැක් මේල් කරන්නට උත්සාහ කිරීම ද, නුඹ නොලැබුන කල කුමට මේ දිවිය සේ සලකා සියදිවි නිසාගන්නට උත්සහ ගැනීම ද එක හා තරමට අමන ක්‍රියාවන් ප්‍රේමයක් ලඟ… ඉතින් එන්න ඉඩ දුන්නානම් යන්නට ද ඉඩ හළ යුතුයි නේද?

සදාකාලික බැදීම් කියා දෙයක් නැහැ. නමුත් සාංසාරිකවම පතන්නට පුළුවන්.ඒත් ඒ සාංසාරික පැතුම හිතෙන් එළියට දානවා නම් සමරිසියා හෝ විරුද්ධ ලිංගිකයා ද ඒ හා සමානව සාංසාරිකවම පැතුමක් එක් කල යුතුමයි. එවිට පැතුම් දෙක එක්ව කොහේ කොහේදී හෝ හමුවිය හැකියි. එසේ නොවුන තැනෙක එක්කෙනෙක් පමණක් සාංසාරිකවම පතන කල අනෙකා එසේ නොවුනහොත් අහල පහලක ඉපිද ඇය හෝ ඔහු දෙස බලා විඳවනවා හැර විකල්ප නැත. එනිසා පතනා පැතුමක් වුවද ආතල් එකට නොව ඇදහීමක් කොට පැතිය යුතුයි

ඉතින් එන කෙනෙක්ට එන්නට සේම යන්නට ද ඉඩ දිය යුතුයි. එසේ යන්නේ කාගේ වරදින් ද යන්න සොයා බලා කමිටුවක් හරහා නිර්දේශ හොයනවාට වඩා සරල තින්කින් එකක් තියනවා. යමෙක් ඔබෙන් එළියට යන්නේ ඇයගේ හෝ ඔහුගේ චරිතය නොහොත් කැරැක්ටර් එක ඔබේ කතාව තුළ අවසාන බැවිනි. හැම චරිතයකටම කතාවක් අවසන් වනතුරු සිටිය නොහැකි තැනක… ශිල්පියාට හෝ ශිල්පිනියට චරිතය අවසන් කර යන්නට ඉඩ දිය යුතුමයි.

එසේම චරිතයක් නැතිවූ කල අඩුවක් දැනෙන්නට පුළුවන්. නමුත් දැන් ඔබ හොඳම අධ්‍යක්ෂවරයා වෙන්න. ඉන්න චරිත ටිකෙන් අවසානය දක්වා ගෙනියන්න… එහෙම නැත්නම් ගැළපෙන චරිතයක් යළි එක් කරගන්න.

සරලවම කියනවා නම් එන්නට ඉඩ දෙනවා නම් යන්නට ද ඉඩ දිය යුතුයි.ඒත් ගිය අයෙකුට යළි රිංගන්නට ඉඩ නොදිය යුතුයි. යන කෙනාට යන්නටම ඉඩ දිය යුතුයි. තමන් රඟපාන චරිතය අනුව ඉන්නා කාලවකවානුව වෙනස් වෙනකොට ඔබ අවසානය දක්වා කතාව ගෙනියන්න.

 

-ශානිකා රත්නායක-

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්