ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා රඟහල කියන්නේ 2007 වසරේ ඉඳලාම ලෝක උරුමයක් ලෙස නම් කළ ස්ථානයක්. ලෝකයේම ආදරය දිනාගත් සිඩ්නි ඔපෙරා රඟහලේ තුරඟ තරඟ හා සූදු දැන්විම් ප්‍රදර්ශනය කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්වේල්ස් පාලනාධිකාරියේ අණ පරිදි අද (09) සිට මෙම දැන්වීම් ප්‍රචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුරඟ තරඟ හා සූදු කර්මාන්තය වෙනුවෙන් මෙම රඟහල දැන්වීම් පුවරුවක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් එරට වැසියන් සිය විරෝධය පළ කර තිබෙනවා. නමුත් අගමැති ස්කොට් මොරිසන් සහ ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ මේ තුළින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික හා සංචාරක ක්ෂේත්රවලට විශාල වාසියක් අත්කර ගත හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි.
මේ වන විටත් ඔස්ට්‍රේලියානුවන් 150,000ට අධික පිරිසක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබමින් මේ ක්‍රියාවට විරෝධය පළ කර තිබෙනවා. සිඩ්නි ඔපෙරා රඟහලේ සුන්දරත්වය හා එයට ලොව පුරා හිමිව තිබෙන වටිනාකම හෑල්ලුවට ලක්කිරීම පිළිගත නොහැකි බව විචාරකයන් පවසනවා.