Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට යටිතල පහසුකම් හා ආයෝජන සඳහා ලන්ඩනයේ සහාය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:48

මෙරට යටිතල පහසුකම් හා ආයෝජන සඳහා ලන්ඩනයේ සහාය

ගෝලීය මෙන්ම දේශීය වශයෙන් විවිධ ව්‍යවසනයන් හා බාධා එල්ල වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් පදනමකින් පවත්වා ගැනීමට හැකිවීම අතිශයින් අගය කළ යුතු කරුණක් බව ලන්ඩන් කොටස් වෙළෙදපොළේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් මහතා පවසනවා.ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සදහා සහාය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළෙදපොළ සූදානම් බවයි ඒ මහතා කියා සිටියේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් කොටස් වෙළෙදපොළ අද දිනය වෙනුවෙන් ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදීයි ෂ්විමර් මහතා මේ බව සදහන් කළේ. සදුදා පෙරවරු 8ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළෙදපොළ ආරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායක්.

දෙරට අතර ව්‍යාපාරික හා මූල්‍ය සබදතා නව මානයකට ගෙනඒමේ අරමුණ ඇතිවයි ලන්ඩන් කොටස් වෙළෙදපොළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබුණේ. අග්‍රාමාත්‍යවරයා කොටස් වෙළෙදපොළ සංකීර්ණයට පැමිණ අවස්ථාවේදී එහි නිලධාරී මණ්ඩලය ඉතා හරසරින් ඒ මහතා පිළිගත්තා. මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

කොළඹ කොටස් වෙළෙදපොළ ආයෝජන අවස්ථා පිළිබද කෙටි චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි ලන්ඩන් කොටස් වෙළෙදපොළ ගණුදෙනු ආරම්භ කෙරුණේ. ලන්ඩන් කොටස් වෙළෙදපොළේ ගණුදෙනු සියල්ල සදහා මෘදුකාංග නිර්මාණය කර ඇත්තේ මෙරට තොරතුරු තාක්ෂණ ශිල්පීන් විසිනුයි. එහි පරිගණක කාර්යයන් මෙහෙවීම සහ අධීක්ෂණය සිදු කරන්නේ ද මෙරට පරිගණක තාක්ෂණ ශිල්පීන් වීම විශේෂත්වයක්. ලන්ඩන් කොටස් වෙළෙදපොළේ ප්‍රධාන පරිගණක මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර උප මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩනයේයි. ජාත්‍යන්තර තලයේ සිදු කෙරෙන මෙම විශිෂ්ඨ සේවාව ලන්ඩන් කොටස් වෙළෙදපොළ නිළධාරීන්ගේ ඉහළ ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මගින් ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ ලබාදීම සිය අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. වත්මන් ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින්නක්. ඊට අනුරූප ලෙස ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට ඉදිරියට ගෙන යා යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ ඔස්සේ ශක්තිමත් ගෝලීය මූල්‍ය ක්‍රමයකට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. කොළඹ කොටස් වෙළෙදපොළ සභාපති රේ අබේවර්ධන මහතා සදහන් කළේ ආසියාවේ පැරණිතම කොටස් වෙළෙදපොළ වන කොළඹ කොටස් වෙළෙදපොළ හා ලන්ඩන් කොටස් වෙළෙදපොළ සමීපව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා පූර්ණ දායකත්වයක් ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, ලන්ඩන් කොටස් වෙළෙදපොළ පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිකිල් රතී , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්