උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන ස්ථාන විනාශ කිරීමේදී ජාත්‍යන්තර පරීක්ෂකවරුන්ට මෙවර සහභාගී වීමට ඉඩ ලැබෙන බව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ උතුරුකොරියා නායක කිම් ජොන් උන් හමු වුණා. ඉන් අනතුරුවයි ඔහු මේ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ.
න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ ස්ථාන විනාශ කිරීම ආරම්භ කළේ පසුගිය මැයි මාසයේදීයි. නමුත් එය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර පරීක්ෂකවරුන් සහ වගකිව යුතු නිලධාරීන් සදහා අවස්ථාව හිමි වුණේ නැහැ. පසුගියදා ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර පැවති ඓතිහාසික සමුළුවෙන් අනතුරුව උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.