fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 15:29

හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව ඇයගේ නීතීඥවරයා අද අධිකරණයට දැනුම්දුන්නා.

මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන්කර ගැනීමට අපේක්ෂා කරන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතීඥවරයා කියාසිටියේ. ඒ අනුව අදාළ කරුණු විධිමත් ලෙස අධිකරණයට ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කළා. නඩුව දෙසැම්බර් මස 11 වනදා යළි කැඳවීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් 7 දෙනෙකු ද වරද පිළිගැනීමෙන් පසු අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමටයි මින් පෙර කොළඹ මහාධිකරණය නියෝග කළේ. 2015 වසරේ දෙසැම්බර් මස 21 වන දින දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමට අදාළව චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්