04 වන වරටත් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සංවිධාන කරන වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය එම විද්‍යාලීය පිහිනුම් තටාකයේදී ආරම්භ වුණා. පිහිනුම් ක්‍රීඩා සමාජ 87 ක් නියෝජනය කරමින් මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටිනවා. වයස අවුරුදු 09 න් පහළ සිට 19 න් පහළ දක්වා වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙනු ඇති.
තරගකරුවන් නිදහස් ආර, සමනල ආර, පසුපස ආර හා ලය ආර ඉසව්ව යටතේ තරගබිමට පිවිසීමට නියමිතයි. තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනී ධම්මිකා ජයනෙත්ති මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.