Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වාට අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:30

නාලක ද සිල්වාට අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම්

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක  ද සිල්වා යන අයට  අධිකරණ අවසරයෙන්   තොරව විදෙස් ගමන් තහනම් කෙරුණා.  ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සහ නීතිපති දෙපාර්තමේන්තුව නාමල් කුමාර සිදු කළ අනාවරණය පිළිබද මීට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඒ අනුවයි නාලක සිල්වාට සහ නාමල් කුමාරට අධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙස නියෝග කර තිබුනේ.

අදාළ විදෙස් ගමන් තහනම පිළිබද නියෝගය ආගමන විගමන පාලක ජෙනරාල්වරයා වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. රහස් පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය සිදු කළේ. කටහඩ පරීක්ෂණයට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නැති බවත් රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

මේ අතර අදාළ වාර්තාව සූදානම් බවට රජයේ රසපරීක්ෂකවරයා  දන්වා ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. එම වාර්තාව ගෙන්වා ගැනීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රහස් පොලීසියේ බලය පැවරූ නිලධාරීයෙකු යොමුකරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. විමර්ශනවල ප්‍රගතිය ලබන 23 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගොඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට නාලක සිල්වා මහතා තමන්ට දැනුම් දුන් බව හෙලි කරමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්