ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් චීන රජය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. පසුගිය මාසයේ ප්‍රංශයේ සිට සිය මව්බිම වන චීනයට ළගා වූ මෙන්ග් හොන්ග්වේ මහතා ඉන් පසුව අතුරුදන්ව තිබුණා. චීන රජය ඊයේ නිකුත් කළ ප්‍රකාශය අනුව මෙන්ග් මහතා අතුඩංගුවට ගත් බව හෝ ඔහු චීනයේ රැදී සිටින බව සෘජු ලෙස ප්‍රකාශකර නැහැ.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් බලධාරීන් වෙත පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ බිරිද ප්‍රංශයේ ලියෝන් නුවර පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඇය පවසන්නේ වට්ස් ඇප් ඔස්සේ පණිවුඩයක් එවමින් තමන්ගේ දුරකතන ඇමතුමක් ලැබෙන තුරු රැදී සිටින ලෙස ඔහු දන්වා සිටි බවයි. මේ අතර ජාත්‍යන්තර පොලීසිය පවසන්නේ මෙන්ග් හොන්ග්වේ මහතා විසින් හදිසි කරුණක් මත දුරයෙන් ඉවත්වන බවට සදහන් කළ ඉල්ලා අස්වීමේ ලිපියක් ද ලැබුණ බවයි. මේ වනවිට දකුණු කොරියානු ජාතික ජාත්‍යන්තර පොලීසියේ ජ්‍යෙෂ්ඨ උප සභාති කිම් ජොන්ග් යැන්ග් මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්.