ලෝකයේම අවධානය දරුවන් වෙත යොමුවූ ලෝක ළමා දිනයේ මව් සෙනෙහස අහිමි නිවුන් දැරියන් තුන් දෙනෙකු පිළිබද පුවතක් අප ඔබට වාර්තා කළා. මිනිසත්කම හදුනන සංවේදී සිතැති බොහෝ දෙනෙකු මේ දරුවන් වෙනුවෙන් උපකාර කරන්නට ඉදිරිපත් වුණේ තවත් ITN ප්‍රවතක් ඵලදරමින්. දරුවෙකුට ලෝකයේ ඉදිරියට යන්න මව් සෙනෙහස මහමෙරක් තරම් වටිනවා. අචිනි නිම්සරා, සචිනි පැහැසරා සහ ශලනි දිල්ශාරා නම් මේ නිවුන් දැරියන් තිදෙනාට මව් සෙනෙහස අහිමි වුණේ මීට වසරකට පමණ පෙරයි. බිළිදු වියේ පසුවන මේ හුරතල් ළදැරියන් තුන්දෙනාගේ වයස තවමත් අවුරුද්දයි මාස හයක්.
මේ වන විට ඔවුන්ව රැකබලා ගන්නේ මිත්තනියයි. පියාටද ස්ථිර රැකියාවක් නැහැ. මේ පිළිබද අප වාර්තා කළ පුවතට දිවයිනේ නන් දෙසින් ප්‍රතිචාර හිමිවුණේ ඔවුන් වෙනුවෙන් උපකාර කිරීමට ද බොහෝ දෙනෙකු ඉදිරිපත් වෙමින්. ඌව පරණගම පොලිස්ථානයේද මැදිහත් වීම මත මහජන බැංකුවේ ඌව පරණගම ශාඛාවේ ගිණුමක්ද විවෘත කෙරුණේ දරුවන්ට පිහිටවන්නන් වෙනුවෙන් මුදල් බැරකිරීමටද අවස්ථාවක් සළසමින්. වැල්ලවාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණ මෙම දැරියන්ට සෙල්ලංබඩු ඇතුළු තවත් භාණ්ඩ තොගයක් නිවසටම ගෙනවිත් භාරදීමට කටයුතු කළා.