ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා එදා කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව තමන් නැගී සිටි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසනවා. කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස එදා තමන් කළ විරෝධය හිටපු ජනාධිපතිවරයා මායිම් නොකළ බවයි ඩිව් ගුණසේකර මහතා තවදුරටත් කියාසිටියේ.
ඩිව් ගුණසේකර – ප්‍රධාන ලේකම් – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,
[ot-video type=”youtube” url=”https://youtu.be/o1tafPYZD-o”]
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඊලියන් නානායක්කාර මහතාගේ තුන්වන ගුණසමරු උත්සවය අමතමිනුයි ඩිව් ගුණසේකර මහතා මෙම අදහස් පළකළේ. කඹුරුපිටිය සණස ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට ඊලියන් නානායක්කාර මහතාගේ බිරිද ඇතුළු පවුලේ ඥාතීන්ද එක්ව සිටියා.