fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දසුන් පතිරණ විවාහ වෙලා?

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 11:57

දසුන් පතිරණ විවාහ වෙලා?

දසුන් පතිරණ කියන්නේ අපේ රටේ ඉන්න තරුණ නළුවන් අතර අති දක්ෂයෙක්.

දසුන් පසුගිය කාලයේ රංගනය වෙනුවෙන් සම්මාන රැසක් ලබා ගත්තා. ඒ වගේම තමයි දසුන් දැන් පුංචි දියණියකගේ පියෙක්.

මේ හැමදෙයක්ම එක්ක දසුන් ගේ සහකාරිය හංසි දිසානායක කියන්නේ කා අතරත් ආදරය දිනාගත් ආදරණීය චරිතයක් බව කවුරුත් දන්නවා.

ස්විඩනයේ ජීවත් වෙන මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්න හංසි ගේ උපන්දිනය වෙනුවෙන් දසුන් ඇයට අපූරු තෑග්ගක් සූදානම් කරලා තිබුණා.

දසුන් හංසි දෙපළගේ පුංචි ශයියා ඉපදෙනකොටත් මේ දෙදෙනා විවාහ වෙලා තිබුණෙ නැති නිසා දසුන් හංසි ව පුදුම කරවන්න කියලා ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න කටයුතු කරලා තිබුණා.

ඉතින් ඊයේ (07) දිනයේ කසාද පොතේ අත්සන් කරලා දසුන් හංසිව සදාකාලිකවම උරුම කර ගත්තා. කොහොම වුණත් මේ දවස්වල දෙවැනි දරුවාත් අපේක්ෂාවෙන් ඉන්න බව තමයි හංසි අපිට කිව්වේ.

ජීවිතය ගැන වෙනස් විදියට හිතන, වෙනස් විදියට දකින දසුන් සහ හංසි දෙපළට අපිත් සුභ පතනවා. 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්