වර්ෂාවෙන් වගා හානි වූ දඹුල්ලේ ලොකු ලූනු ගොවීන්ට හෙක්ටයාරකට රුපියල් ලක්ෂය බැගින් රක්ෂණ වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දඹුල්ලේ ලොකු ලූනු වගාබිම් රැසකට හානි සිදු වුණා. එම ගොවීන් සදහා වගාහානි වන්දි ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ. ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ප්‍රධාන බෝග 06ක් සදහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබාදීමේ වැඩපිළිවෙලක් මෙම වසරේ යල කන්නයේ සිට ආරම්භ කළා. ඒ අනුව වී , ලොකු ලූනු , අමුමිරිස් , අර්තාපල් , බඩඉරිගු සහ සෝයා බෝංචි වගාකරන ගොවීන්ට වගා හානි සදහා හෙක්ටයාරකට රුපියල් ලක්ෂය බැගින් වගා හානි වන්දි මුදල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5228 ක්.