රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 06 වන වරටත් සංවිධාන කළ හෙද නිලධාරී ක්රීඩා උලෙළ නුවරඑලිය නගරසභා ක්රීඩා පිටියේදී ආරම්භ වුණා.
මෙවර තරගාවලියට සියලුම පළාත් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් දෙදහසකට ආසන්න පිරිසක් එක්ව සිටිනවා. ඔවුන් ක්රිකට් , දැල්පන්දු හා බැඩ්මින්ටන් ඉසව් යටතේ තරගබිමට පිවිසෙනවා. තරගාවලිය ආරම්භ වුණේ රජයේ හෙද නිලධාරීන් සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතාගේ ප්රධානත්වයෙන්. තරගාවලියට සමගාමීව හෙද නිලධාරීන් සදහා සුබසාධන වැඩසටහන් රැසක්ද ක්රියාත්මක කර තිබෙනවා.