විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
Related Articles
2019 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළා. එම කෙටුම් පතට අනූව ලබන වසරේ සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376ක්.
ලබන වසර සඳහා වන අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වන අතර එය දළ දේශය නිෂ්පාදිතයෙන් 4.1%ක් බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. 2014 වසරේ දළ දේශ්‍රීය නිෂ්පාදතයෙන් 11.5%ක්ව පැවති රාජ්‍ය ආදායම වත්මන් රජය බලයට පත්විමෙන් පසු ක්‍රමක්‍රමයෙන් වැඩිකරගෙන තිබෙනවා. 2019 වනවිට එහි අපේක්ෂිත ඉලක්කය 15.1%ක්. වසර 63කට පසු 2017 දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. ලබන වසරේදී එය දළ නිෂ්පාදිතයෙන් 1.3කින් වර්ධනය කර ගැනීමයි අරමුණවී තිබෙනවා. 2019 විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙවර වැඩිම මුදල වන රුපියල් බිලියන 306ක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි.