අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් දිවයිනට බලපෑ අයහයත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RLDvIbAKqIA”]
පවතින වැසි සහිත තත්වය හේතුයෙන් කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනුගලු ඔය ආශ්රිත පහත් බිම් වල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Elnumnv8CT8″]
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 2292කට අයත් පුද්ගලයින් 8000කට අධික පිරිසකට බලපෑම් එල්ලවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. ගාල්ල බද්දේගම, පෝද්දල, යක්කලමුල්ල, උඩුගම, හබරාදූව, ප්‍රදේශවල පහත්බිම් රැසක් ගංවතුරින් යටව පවතිනවා. අකුණු සැර වැදීමක් හේතුවෙන් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ නිවාස 15කට පමණ අලාභ හානි සිදුවුණා. හිනිදුම බෝගහවත්ත ප්‍රදේශයේ අඩි දෙකක් පමණ ජලයෙන් යටව පැවතුණා. ගිං ගගේ පහළ ප්රදේශවන නාගොඩ, බද්දේගම ප්‍රදේශවල ගංවතුර මට්ටමතවදුරටත් ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පස්කදු කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදුවුණා.
කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට අද(07) අලුයම පස්කදු කඩා වැටිමෙන් හානි සිදු වුනා. එක් නිවසක සිර වී සිටි වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ප්‍රදේශවාසින් බේරාගෙන තිබෙනවා. තවත් නිවසක සිටි පුද්ගලයින් පස් දෙනෙකුද නිරුපද්‍රිතව බේරා ගත් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් හතර දෙනෙකු මේ වන විට හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yef3E-Ya0FI”]
ඊයේ (06) දිනය පුරා ඇදහැලුණු අධික වර්ශාව හේතුවෙන් වැලිපැන්න ප්‍රදේශයේ පවුල් 138ක් අවතැන්ව සිටිනවා. මෙම ප්‍රදේශයේ නිවසක් තුළ නිදාගෙන සිටි 66 හැවිරිදි පුද්ගලයෙක් ගංවතුරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පවතින ගංවතුර තත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ද යටවී තිබෙනවා. අළුත්ගම මතුගම ප්‍රධාන මාර්ගය ද වාහන ගමනාගමනයට ගංවතුර හේතුවෙන් බාධා එල්ලවුණා.
කැළණි, ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කැළණිය, කොළොන්නාව, බියගම, කඩුවෙල ඇතුළු පහත්බිම්වල සිටින ජනතාව සැළකිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටිනවා. ඊයේ (06) ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් අංගොඩ වෙල්ගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් නිවාස කිහිපයකට අලාභ හානි සිදුවුණා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පහත් බිම් හා මාර්ග කිහිපයක් ඊයේ(06)සිට ජලයෙන් යටව පවතිනවා. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සදහා වාද්දුව, තල්පිටිය, මෝය පුළුල් කිරීම ආරම්භ කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් යූ ජී සී ජයලාල් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
ගාල්ල වදුරඹ ඌරල ආරලිය ප්‍රදේශයේදී ඊයේ (06) රාත්රිරයේදී ගංවතුරට හසුව ගසාගෙන ගිය 61 හැවිරිදි සිව් දරු පියෙකුගේ සිරුර අද (07) පස්වරුවේ සොයාගත්තා. මාතර වැලිගම ඉමදුව මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටව තිබෙනවා. එම ප්‍රදේශයේ පවුල් 40 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ ඕනෑම හදිසි ආපදා තත්ත්වයටක මුහුණ දීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බවයි. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැපයීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
කඩුගන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලන, කැටකුඹුර සහ අමුණුපුර ප්‍රදේශවල ආපදාවෙන් බලපෑමෙන් ලක්වූ ජනතාවට සහන සැලසීම සදහා හමුදා කණ්ඩායම් පිටත්කර හැර තිබෙනවා. ඒ අනුව ඉහළ නිලධාරීන් තිදෙනෙකු සහ වෙනත් නිලයන්ට අයත් හමුදා සාමාජිකයන් 53 දෙනෙකු පමණ සහන කටයුතු සදහා පිටත්කර හැරි බවයි ආරක්ෂක සේවා මූලස්ථානය නිවේදනය කළේ. මේ අතර අධික වැසි සමග පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය ජල ගැල්මෙන් යටවීම වැළැක්වීමට හමුදා කණ්ඩායම් කටයුතුකර තිබෙනවා. හමුදා සාමාජිකයන් 63 දෙනෙකු පමණ මෙම කාර්යයට මැදිහත් වූ අතර වැලි මළු ඇතිරීමෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය ගලා යාම වැළැක්වීමට හැකිවුණා.
මේ අතර බැද්දගාන් තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් පසු නැවතත් සුපුරුදු පරිදී මෙම උද්‍යානය මහජනතාවට විවෘත කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.