fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට ලොවට ගැළපෙන මිනිස් සම්පත හදන වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 18:00

හෙට ලොවට ගැළපෙන මිනිස් සම්පත හදන වැඩපිළිවෙළක්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ නෝවේජියානු ආයෝජකයන් මෙරට සමඟ එක්ව සිදු කරන කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වුණා. තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ශ්‍රී ලංකාව තුළින්ම නිර්මාණය කරගැනීම සදහා රජය හා පෞද්ගලික අංශය එක් වී පොදු සැළැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නෝර්වේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව ඔස්ලෝ නුවරදී හමු වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දැක්වූ ස්ලැස්කොම් ආයතනයේ සභාපති ජීවන් ඥානම් මහතා සදහන් කළේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතින බවයි.

දෙරට අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා වර්ධනය කිරීම සදහා සිය සමාගම විශාල කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පෙන්වා දුන්නා. එම්බ්ල ආයතනයේ සභාපති ස්ටෙයින් ඉන් හලන් මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසිභාවය , සන්නිවේදන පහසුව සහ ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මෙහිදී අදහස් දැක්වූ ටික්රි ආයතනයේ සභාපති ෆින් වෝම් පීටර්සන් මහතා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර හිඩැස පිරවීමට වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන්නා. අයිකේටි නෝර්වේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෙයිඩ් ඔස්ටින් මහතා මෘදුකාංග නිර්මාණය වැනි  විෂයන් අධ්‍යාපන පද්ධතියට අලුතෙන් හදුන්වාදීම සිදුකළ යුතු බව කියා සිටියා. නයින්ටි නයින් එක්ස් ටෙක්නොලෙජි ආයතනයේ සභාපති ඩැග් හොනින්ස් මහතා පැවසුවේ වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමා අද ඉතා සතුටට පත්වන බවයි.

මේ අතර  ලෝකයේ ප්‍රධානතම ඉදිකිරීම් ආයතනයක් වන නෝවෙජියානු භූ තාක්ෂණික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකික දූත පිරිස නිරත වුණා. ඔස්ලෝ නුවර පිහිටි නෝවෙජියානු භූ තාක්ෂණික ආයතනය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ එහි විධායක අධ්‍යක්ෂ කාල් හේන්රික් මහතායි. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ආයතනය ලොව පුරා විවිධ රටවල ඉදි කිරීම් කටයුතු සිදු කරනවා. නෝවේජියානු භූ තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ ද පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, ආපදා කළමනාකරණය ආදී කටයුතු සඳහා දැනටමත් දායකත්වය ලබා දෙමින් සිටිනවා. ආයතනයේ පරීක්ෂණාගාරය ද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, කාවින්ද ජයවර්ධන,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන්  ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්