පස්යාල කලල්පිටිය ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලැබුවා.
කොළඹ මහනුවර මාර්ගයේදී ටිපර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. සිද්ධියෙන් වෑන් රථයේ සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ දියණිය, බෑණා සහ දරු දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. පිළියන්දල ප්රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යන අතරදීයී අනතුර සිදුවී ඇත්තේ. වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැකකරනවා.