තෙල් බවුසරයක් ගිනි ගැනීමෙන් 50ක් ජීවිතක්ෂයට
Related Articles
කොංගෝ රාජ්‍යයේ තෙල් බවුසරයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොංගෝ රාජ්‍යයේ කිංෂාසා අගනුවරට ආසන්න නගරයක මෙම ඉන්ධන බවුසරය මෝටර් රථයක ගැටී තිබෙනවා. ඒ හේතුවෙන් නැගුණු ගින්න අසළ තිබූ නිවාසවලටද පැතිර ගොස් ඇති බව සදහන්. සිද්ධියෙන් පුද්ගලයින සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සදහන්. කොංගෝ රාජ්‍යයේ මාර්ග අබලන්ව පවතින බැවින් නිරන්තරයෙන් මෙවැනි අනතුරු වාර්තා වනවා. දෙදහස් දහය වසරේ මෙවැනි ඉන්ධන බවුසරයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් දෙසිය විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment