යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි ජනතාව නැවත පදිංචි කළ ගම්මාන අංග සම්පුර්ණ ගම්මාන බවට පත් කරන බව වාරිමාර්ග ජලසම්පත් හා ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. යාන් ඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන මල්පෝරුව ගම්මානයේ සේවා පියස සදහා මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/TCDYw1YJtOI”]
පෙරපාසල් , ප්‍රජාශාලා , සේවා පියස , ක්‍රීඩාපිටි ,සුසාන භූමි ආදි භෞතික සම්පත් වලින් අංගසම්පුර්ණව මෙම ගම්මානය ඉදි කෙරෙනවා. ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. මෙම අවස්ථාව ජනතා නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසින් රැසක් එක්ව සිටියා.