ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණු දීම සදහා දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බව ස්වදේශ කටයුතු අමාත්යංශය නිවේදයක් නිකුත් කරමින් සදහන් කරනවා.
මේ වන විට අධික වැසි හේතුවෙන් දිවයින පුරා හටගෙන ඇති ආපදා තත්ත්වයට මුහුණ දීමට හා ජනතාව වඩාත් ආරක්ෂාව සහ සෙසු සහන සැළසීමටත් දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවයි වජිර අබේවර්ධන මහතා පවසන්නේ. ගංවතුර හා වැසි ජලය බැස නොයාම හේතුවෙන් පීඩාවට වී සිටින පුද්ගලයින් ඉලක්කකර ගනිමින් සහන මෙහෙයුම් මේ වන විට ක්රියාත්මකයි.