fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර ක්ෂේත්‍රය නගා සිටුවන්න නෝර්වේ රජයේ සහය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:00

ධීවර ක්ෂේත්‍රය නගා සිටුවන්න නෝර්වේ රජයේ සහය

ධීවර ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින නෝර්වේ රාජ්‍යයේ සහයෝගයෙන් මෙරට ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නෝර්වේ, ඔස්ලෝ නුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මෙරට දුෂ්කර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා නෝර්වේ රාජ්‍යය දිගු කාලයක සිට අධාර ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටි‍යේ. නෝර්වේ  රජයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය  දියුණු කිරීමටද බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. නෝර්වේ අගමැතිනී අර්නා සෝල්බර්ග් මහත්මිය ද මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා නෝර්වේ අතර අතීතයේ සිට පැවති සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට අඛන්ඩ සහයෝගය ලබා දෙන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo