ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙන නායයෑම් නිවේදනයද තවදුරටත් වලංගු වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි,
[ot-video type=”youtube” url=”https://youtu.be/N6rKDsFvao8″]
මේ අතර අද අලුයම කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස්කදු කඩා වැටිම හේතුවෙන් හානි සිදු වී තිබෙනවා. එක් නිවසක සිර වී සිටි වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගෙන තිබෙනවා. තවත් නිවසක සිටි පුද්ගලයින් පස් දෙනෙකුද නිරුපද්‍රිතව බේරා ගත් බව අප වාර්තාකරු සදහන් කරනවා. මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් හතර දෙනෙකු මේ වන විට හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.