වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේදී වන අලින් තිදෙනෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවණය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි මෙම වන අලින් තිදෙනා මරණයට පත් වුණේ. අලින් තිදෙනා ත්රිකෝනමඩු රක්ෂිතයේ සිට මාදුරු ඔය ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් දුම්රිය මැදිරි හතරක්ද පීලි පැනීමට ලක් වුණා. දුම්රිය මගීන් කිසිවෙකුටත් හානි සිදු වී නැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පසුගිය මාසයේදීද මෙවැනිම දුම්රිය අනතුරකින් වන අලියෙකුට ජීවිතය අහිමි වුණා. එසේම හඹරණ පුවක්පිටිය ප්‍රදේශයේදී තවත් වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් පසුගිය අගෝස්තු මාසයේදී මිය ගිය බවයි අපවාර්තා කරුවන් පැවසුවේ. පසුගිය මාස කිහිපයක කාලය තුලදී වන අලින් පහළොස් දෙනෙකු පමණ දුම්රියේ ගැටීමෙන් මරණයට පත්ව තිබෙනවා. වන අලින් ආරක්ෂා කර ගැනීම සදහා විදිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/0IJ0r-sGr6Q”]