උන් ඒ ඉස්කෝලෙ යන පුංචි කෙල්ලව උස්සන් ගිහිල්ල දූෂණය කරා. එකෙක්, දෙන්නෙක් , නෑ අට දෙනෙක්. ඒ කාලකන්නි මේ ලස්සන පොඩි කෙල්ලගේ ආත්මය තිත්ත අඳුරෙන් වැහුවා. ඒත් ඒ කලුවරේම ඒ මළ කදුළු අතරින් පෙති විහිදලා හිනැහෙන්න පටන් ගත්තා.
ඉතිං මිතුර අපි කියනව උදෑසන හෝ දහවලේ දී පමණක් නොවෙයි රාත්‍රී අන්ධකාරයේත් මල් පිපෙනවා…
ඉන්දියානු රාඡ්‍යයේ ඉහළම සිවිල් සමිමානය වන පද්ම ශ්‍රී සමිමානය 2016 දී ඉන්දියානු රාජ්‍ය පුදදෙනු ලැබුවේ “ ලිංගික සූරෑකෑම”ට එරෙහිව අභීතව නැගීසිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැණියටයි…
සුනීතා ක්‍රිෂ්ණන් උපත ලැබුවේ මලයාලමි ඡාතික මවුපියන්ට දාව 1972 දී බැංග්ලෝරයේය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇය ඇගේ වයස 8 දී ඉන්දියාවේ කුලහීන දරුවන්ට නර්තනය ඉගැන්වීමට පටන් ගැනීමෙන්ම දැකගන්න පුළුවන්. ඇය ඉන් නොනැවතී ඇයට යන්තමි වයස 14ක් පමණ වනවිට ඉන්දියාවේ කුලහීන ජනතාවක් ලෙස සැලකූ දාලිත් කුලයේ දුගී දරුවන්ට පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ ඉගැන්වන්නට පටන් ගත්තාය.
ඉන්දියාව යනු කුලවාදය නැමති නාරාවලේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාජ්‍යයකි. සුනීතාගේ මේ අඩු කුලයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන එක කුලීන සමාජයයට දිරවාගත නොහැකි විය. එහි ප්‍රතිඵලය වුයේ වියරු මිනිසුන් 8 දෙනෙකු එකතුව මේ කෙල්ලව දූෂණය කිරීමයි. එවිට ඇයට වයස 15 කි.
දූෂණයෙන් පසු ඇය තවදුරටත් දරුවන්ට උගන්වන්න ගියේ නැත. ඒ ඇය කඩා වැටුණු නිසා නොවේ. දූෂණය ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ අතර ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සදහා දිගටම වෙහසවුණු අතර මනෝ වෛද්‍ය විද්‍යාවේදී උපාධියකින් එය අවසන් කරන්නට තරම් ඇය ශක්තිමත් වූවාය.. අනතුරුව කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකමි උදෙසා පාරට බැස්සාය. එය ඇයට සිරගෙදර බත් කෑමට ප්‍රථමවරට හුරු කලේය.
1996 දි බැංග්ලෝර් තරුණියන් ලෝක රෑප රාජිනි තරගවලට සහභාගිවීම නැවත්වීම සදහා සිදුකල ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිර දඩුවමක් ලබා දෙමිනි. සිර දඩුවම අවසන ඇය සිය නිවෙසට ආ විට ගෙදර ඇයට තිබූ පිළිගැනීම එතරමි යහපත් නැත. සුනීතා එය මායමි නොකරමින් 1996 දී සිය නිවෙස අතහැරීමට තීරණය කළාය. එවකට කාන්තා අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පුජකවරයෙකු වු ඡෝස් වෙතිකාල් හමුවූ ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියාය.
අනතුරව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහණුන් වෙනුවෙන් “ ප්රඡ්වාලා “ නැමති සංවිධානය පිහිටවුවාය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි ‘‘ රතු එළිය ‘‘ නැමති ඉන්දියානු ගණිකාවන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුළියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ දියණියන්ට පාසලක් විවෘත කිරීමය. මෙම පාසලට පැමිණි දැරියන්ද සිය මවුවරු මෙන්ම දුෂණයට ලක්ව සිටි දැරියන්ය. සුනීතා මෙම සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයාදෙමින් නැවත ගණිකා වෘත්තියට නොයනසේ කාරුණිකව හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙයවුවාය.
ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරිවියන් ගණනින් 8000 ඉක්මවයි. ඇය මේ වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.
වරක් නෙල්සන් මැන්ඩෙලා සමරු තිලිණය ලැබු සුනීතා අල් ඡසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණාය “ඔබලා දන්නවාද ඉන්දියාවේ වහල් ශ්‍රමිකයෝ කොචිචරක් ඉන්නවද කියලා… ? එය තිස් ලක්ෂයක්….මේ තිස් ලක්ෂයකගේ දූවරු හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මේ දූෂකයෝ සමාජයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරීසිටිම ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැජ්ජා විය යුතුයි “.
මේ වනවිට ඇගේ ප්රඡාවාලා සංවිධානය විසින් ලිංගික ජාවාරමිකරුවන්ගේ ග්රහණයෙන් බේරාගත් දැරිවියන්ගේ ගණන 12,000කි. සුනීතාගේ ප්රඡාවාලා සංවිධානය ගොඩ නැගී ඇත්තේ කරුණු පහක් මතයි. දුෂනයකින් බේරා ගැනීම, වැළක්විම , පුනරුත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැගීම හා දූෂකයාට දඩුවමි ලබාදීම එම කරුණු වෙයි…
සුනීතා ක්‍රිෂ්ණන් විවාහවුයේ ඉන්දියාවේ තිරනාටක රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙක් වන රාජේෂ් චීර්වර් සමඟයි. ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කළ ඉන්දීය ගැහැණුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය “ නා බන්ගාරු “ ඉන්දියානු රාජ්‍ය සමිමාන තුනක් දිනා ගත්තා.
2003දී ඇය ඉන්දීය රාජ්‍ය නිහඬව නොසිට මේ දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරුත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට වහා මැදිහත් විය යුතුයැයි ඉල්ලා සිටියාය . ඒ අනුව ඉන්දීය රජය කර්නාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට ප්රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමේ කාර්යයයේ දැන් නිරත වෙයි.
සුනීතා ක්‍රිෂණන් මේ වනවිට දූෂණයට එරෙහිව නිෂ්පාදනය කළ චිත්‍රපටි ප්‍රමාණය 11 කි. දූෂණයට එරෙහිව නැගී සිට ඇය වින්දියන්ට කළ අප්‍රමාණ සේවය වෙනුවෙන් මේ වනවිට ලැබූ ඉන්දියානු සහ ජාත්‍යන්තර සමිමානවල එකතුව 49කි… ඒවා මිනිසෙකුට ලැබිය හැති ඉහළම ශ්‍රේණියේ සමිමාන ද වීම විශේෂත්වයක්.
-ශානිකා රත්නායක-
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/03sunita1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/26-na-bangaaru-talli.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Dd3SUqLUQAA-RC7.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/DLxghBPVwAAAYoD.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/maxresdefault-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/sunithakrishnan1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Sunitha-Krishnan-Prajwala.png”]