“අපි වවලයි අපි කන්නේ“ වැඩපිළිවෙළ යටතේ රට පුරා කෘෂිකාර්මික ප්රබෝධයක් ඇතිකිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුතියන්කට්ටු සහ ගනේෂපුරම් යන ප්‍රදේශවල අක්කර දෙසීයක රටකජු සංවර්ධන කලාපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියයි. මෙම කලාපය සදහා වැයකරන මුදල රුපියල් මිලියන 50ක්. ගොවීන් 200කට බින්දු ජල සම්පාදන කට්ටල සහ කෘෂි උපකරණ රැසක් ලබාදුන්නා.
මුලතිව් දිස්ත්‍රික්කයේ ආරම්භ කළ රටකජු සංවර්ධන කලාපය තුළින් එක් ගොවියෙකුට වසරකට ලබාගත හැකි ආදායම රුපියල් හාරලක්ෂ විසිදහසක්. මෙම ව්‍යාපෘතිය මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සදහා 2020 වසර දක්වා රුපියල් මිලියන 950ක් වෙන්කර තිබෙනවා. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන් කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.