fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතාව වගේම වැඩත් තිබිය යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 18:57

කතාව වගේම වැඩත් තිබිය යුතුයි

සංඛ්‍යා ලේඛනවලට සිර නොවී ජනතාවට මුල්තැන දී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මන්නාරම  තාල්වුපාදු ප්‍රදේශයේ වලනාර්පුරම් උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කළ 134 වැනි ගම්මානය මෙයයි. ගම්මානය නිවාස 50කින් සමන්විතයි. ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 463 ක්. අඩු ආදායම් ලාභී පවුල් 300 ක් සඳහා විසිරි නිවාස ණය ඇතුළු විවිධ ප්‍රදානයන් ද මෙහිදී සිදුකෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්