fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු යාමෙන් වළකින්නැයි නාවික හා ධීවර ප‍්‍රජාවට උපදෙස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:09

මුහුදු යාමෙන් වළකින්නැයි නාවික හා ධීවර ප‍්‍රජාවට උපදෙස්

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ මාතර සිට හම්බන්තොට දක්වා ප‍්‍රදේශවලින් හෙට (07) පස්වරු 01 යි 30 දක්වා ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප‍්‍රජාවට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප‍්‍රදේශ රළු ස්වභාවයක් ගනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර කරන්නේ. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්