ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජපානයේ ටෝකියෝ නුවරට පැමිණියා. ඔහු ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ සහ ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමු වීමට නියමිතයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡා සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගැනිම මෙම සංචාරයේදී සිදු වනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මෙම සංචාරයෙන් අනතුරුව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවේ සංචාරය කිරිමට නියමිතයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු කොරියා හා ඇමෙරිකා රාජ්‍ය නායකයන්ගේ දෙවන සාකච්ඡා වටය පිලිබදව අදහස් හුවමාරු කර ගැනිම එහිදි සිදු වනු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.