Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 13:05

රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (05) එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතා මෙම වැඩමුළුව මෙහෙයවූයේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහි දී කියා සිටියේ, ඇමෙරිකාව වැනි රටවල රාජ්‍ය පාලන කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා නමුත් මෙවැනි දියුණු තාක්ෂණයක් අප මෙතෙක් භාවිතා කර නොහැති බවයි. හදිසි ආපදා අවස්ථාවල දී මෙවැනි තාක්ෂණයක් ඉතා ප්‍රයෝජනවත් වන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මකවන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් ලොව දියුණු රටවල භාවිතා කරන මෙවැනි තාක්ෂණික ක්‍රම අපේ රටේ රාජ්‍ය පාලනයටද යොදා ගත යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.

සීමා නිර්ණයන්, ආපදා සහන සැළසීම්, කෘෂිකාර්මික ප්‍රදේශ හඳුනාගැනීම් හා ඒවායේ අවශ්‍යතා හඳුනාගැනීම, වැනි බොහෝ කාර්යයන් සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳ සුසිල් ද සිල්වා මහතා මෙහි දී කරුණු පැහැදිලි කරන ලදී.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 13:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්