fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමිගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:55

පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමිගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද

මල්වතු විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේ දීයි. අපවත්වී වදාළ නාහිමියන්ගේ ශ්‍රී දේහය මල්වතු විහාරීය තුංපනේ විහාරයේ තැන්පත්කර තිබෙනවා. අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණියා. විදේශ දූත පිරිස් ද ඒ අතර වනවා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දායක පිරිස ද මැලේසියාවේ තරුණ සංගමය ද ,මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමීන් වහන්සේ ද ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූවා.  ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර අද පස්වරු එකට  මල්වතු විහාරීය තුංපනේ විහාරයෙන් පිටත්වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්