fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ප්‍රථම සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:47

ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ප්‍රථම සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ප්‍රථම සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ලෑව මහතා ප්‍රකාශ කළේ මෙම සම්මේලනයේදී සිදුවන සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය වියයුත්තේ පාර්ශ්වකරුවන්ට සහ පාරිභෝගිකයන්ට ඉහළ ප්‍රතිලාභ අත්විය යුතු බවයි. ඉලක්ක  සපුරාගත හැකි වන්නේ සියලු පාර්ශ්ව අතර ඇතිවන එකමුතුව තුළින් පමණක් බවත් මීගල්ලෑව මහතා වැඩිදුරටත් පැවසුවා. මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්