ජාඇල කාන්තාවක් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සියදිවි හානි කර ගනී
Related Articles
පසුගියදා ජාඇල ප්‍රදේශයේදී කාන්තාවක් ඩෙවි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සියදිවි හානි කර ගෙන තිබෙනවා. හලාවත ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසිය වෙත රැගෙන ඒමේදීයි සැකකරු ජාඇල දඩුගම්ඔයට පැනීමෙන් මෙසේ දිවි හානි කරගෙන තිබෙන්නේ. ඒ ශරීර කෘත්‍ය සදහා වාහනය නතර කරන ලෙස ඉල්ලා සිටිමෙන් අනතුරුවයි. කිහිපවරක්ම කළ ඉල්ලීමකට අනුව වාහනය නතර කළ බවයි පොලිසිය පවසන්නේ. ඒ මොහොතේ සැකකරු අසල තිබු දඩුගම්ඔයට පැන තිබෙනවා. මොහු ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයා බවයි පොලිසිය සදහන් කරන්නේ. ජාඇල වැලිගම්පිටිය මංසන්ධියේ දී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය තිස්වනදායි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment