fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ඉන්දියානු සගරය” සමුළුව ඔක්තෝබර් 11- 12 කොළඔ දි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:24

”ඉන්දියානු සගරය” සමුළුව ඔක්තෝබර් 11- 12 කොළඔ දි

ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම යන මැයෙන් පැවැත්වෙන සමුළුව ලබන 11, 12 යන දිනවල අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 11 වන දින සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන දේශනය පවත්වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගර පිළිබද විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතාද සමුළුව ඇමතීමට නියමිතයි. මෙම සමුළුව සංවිධාන කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය එක්වයි. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමුළුව පිළිබද අදහස් ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්