දක්ෂිණ අධිවේගයේ වේගය 60ට සීමා කරයි
Related Articles
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැයට කිලෝ මීටර් හැටක උපරිම වේගයක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ධාරාණිපාත වැසි ඇදහැලීමයි ඊට හේතුව. අධිවේගි මාර්ගයේ කඩවත සිට කුරුඳුගහහැතැක්ම දක්වා කොටසේ දැඩි වර්ෂාපතනයක් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ. එබැවින් රථවාහනවල ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙසද අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම වාහන දෙකක් අතර සැලකිය යුතු පරතරයක් පවත්වා ගන්නා ලෙසටත් අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment