දුම්වැටි භාවිතය බිලියනයකින් අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. දුම්කොළ සදහා බදු පැනවීමට යහපාලන රජය ගත් කි‍්‍රයාමාර්ග හේතුවෙන් මෙලෙස දුම්වැටි භාවිතයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ. දුම්වැටි අළෙවිය ද මේ වන විට සීඝ්රයෙන් පහල ගොස් තිබෙනවා. කොතරම් බලපෑම් එල්ල වුවද දුම්කොළ සදහා බදුපැනවීමට යහපාලන රජය කටයුතු කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළා.