fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා රෝහල් රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය ඇමැති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:23

පළාත් සභා රෝහල් රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය ඇමැති කියයි

පළාත් සභා රොහල් රැසක් රජයට පවරා ගන්නා ලෙසට යෝජනා ඉදිරිපත් වුවත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දේශීය වෛද්‍ය ක්‍රමය, යුනානි සහ සිද්ධි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම අන්තර්ජාතික ප්‍රදර්ශණය පැවැත්විනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්ගේ සමුළු වල දී පළාත් රෝහල් සේවා මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡා කරනවා. රෝගී සත්කාරක සේවා සිදු කිරීමේ දී සියලු රෝහලක්ම සංවර්ධනය කළ යුතුයි. මන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියා රෝහල මධ්‍යම රජයේ ද පළාත් සභාවේ ද කියා දන්නේ නැහැ. ඔවුන් එන්නේ ප්‍රතිකාර ලබාගැනීමටයි. අපි එම සේවාව ලබාදිය යුතුයි. බලය බෙදාහැරීම මගේ ප්‍රතිපත්තියයි. ඒ අනුව පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය වසර 03 තුල ම ලබාදී තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වෙනවා.

මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ අගය කරමින් නැගෙනහිර පළාත් සභාව විසින් සම්මානයක් ද පිරිනමන ලදි.මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර ආයුර්වේද කොමසාරිස් ආර්.සීතරන් මහත්මිය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ ආචාර්යවරු එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්