මෙරට හතළිස් පන් ලක්ෂයක් වූ පාසල් සිසු දරු දැරියන්ගේ ශාරිරික සුවතාව හා ක්‍රීඩා කෞශල්‍යය නගාසිටුවීම හා ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ 34 වන වරටත් ඔක්තෝබර් 01 දා සිට 05 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙරට පාසල් දූ දරුවන් 39,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලිය තරග ඉසව් 29 කින් සමන්විත විය. තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්රදානය කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුථ ක්‍රීඩා නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment