fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය මාස 5දී ගාසා ගැටුම් වලින් පලස්තීනුවන් 183දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:36

පසුගිය මාස 5දී ගාසා ගැටුම් වලින් පලස්තීනුවන් 183දෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයේ පසුගිය මාස 5 පුරා සිදු වු ගැටුම් හේතුවෙන් ඊයේ වන විට පලස්තීන ජාතිකයින් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් ඊශ්‍රායලයේ ගාසා තීරයේ සිදු වු විරෝධතාවලදී පලස්තීන ජාතිකයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 192දෙනෙකු තුවාල ලැබුවා. ඉන් පුද්ගලයින් අට දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට වාර්තා සදහන් කරනවා.

තුවාල ලැබුවන් අතර වයස අවුරුදු දොළහක කුඩා දරුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීන වැසියන්ගේ ඉඩම් අත්පත් කර ගැනිම හේතුවෙන් ගාසා තීරයේ ගැටුම් ඇති වුණා. පසුගිය මාර්තු තිස්වනදා  ආරම්භ කළ විරෝධතාවලින් මේ වන විට පුද්ගලයින් 18,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්