Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැහැණුන් රජකරන මාතෘමූලික සමාජ…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 08:25

ගැහැණුන් රජකරන මාතෘමූලික සමාජ…

මොසුඕ

ටිබෙට් දේශසීමාව අසල, යුනන් සහ සිශුආන් ප්‍රාන්තවල ජීවත්වන මොසුඕ ජන වර්ගය, ලොව වඩාත් ජනප්‍රිය මාතෘ මූලික සමාජය යි. චීන රජය විසින් නක්සි නමින් හැඳින්වෙන තවත් ජන වාර්ගික සුළුතරයක කොටසක් ලෙස වර්ගීකරණය කරනු ලැබූව ද මෙම ජනවර්ග දෙකෙහි සංස්කෘතිය සහ භාෂාව යන දෙකම එකිනෙකට වෙනස් වෙයි.

මොසුඕ, පුළුල්වූ පවුල්වලින් සමන්විත වන අතර පවුලේ සියලුම සාමාජිකයෝ එක් විශාල නිවසක ජීවත් වෙති. සෑම නිවසකම ප්‍රධානියා මාතෘමූලික වෙයි. පරම්පරාව සැළකිල්ලට ගනු ලබන්නේ පවුලේ ස්ත්‍රී පක්ෂයෙන් වන අතර, දේපළ හිමිකාරීත්වය ස්ත්‍රී පාර්ශව අතර සිදුවේ. මොසුඕ කාන්තාවන් සාමාන්‍යයෙන් ව්‍යාපාරික තීරණ ගනු ලබන අතර පිරිමින් ඉඩම් පාළන කටයුතු ඉටුකරයි. මවගේ වාසගමට හිමිකම් කියන දරුවෝ මවගේ නිවසේම ජීවත් වෙති.

මොසුඕ අතර විවාහ වීමේ සම්ප්‍රදායක් නොමැති අතර, “ඇවිදයන විවාහ” යනුවෙන් හැඳින්වෙන, සහකරුවන්ගේ නිවසට ගමන්කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. යුවළ කිසිදු දිනක එක නිවසක වාසය කරන්නේ නැත. දරුවන් සැමවිටම මවගේ ආරක්ෂාව යටතේ වැඩෙන බැවින් දරුවන් කෙරෙහි පියාගේ කාර්යභාරය ඉතා අල්ප වෙයි. බොහෝ අවස්ථාවලදී දරුවන් පියා කවරෙක්ද යන්න නොදනී. ඒ අනුව පියාගේ දරුවන් හදාවඩා ගැනීමේ වගකීම සිය මවගේ නිවසටම පමණක් සීමා වෙයි.

 

 

 

මයිනංකබා

මිලියන 4කට ආසන්න, ඉන්දුනීසියාවේ බටහිර සුමත්‍රාවේ වාසය කරන මයිනංකබා ජනවර්ගය, දැනට දන්නා පරිදි ලොව විශාලතම මාතෘමූලික සමාජයයි. සියලුම දේපළ මවගේ අවෑමෙන් දියණියට පැවරිය යුතුය යන ගෝත්‍රික නීතියට අමතරව, මයිනංකබා සමාජයේ වැදගත්ම පුද්ගලයා මව ලෙස සැළකේ. මයිනංකබා සමාජයේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් ගෘහස්ත කටයුතු මෙහෙයවන අතර පිරිමින් දේශපාලනික හා ආධ්‍යාත්මික නායකත්වයේ භූමිකාවන් ඉටු කරයි. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම එම දෙපාර්ශවයන්ට අයත් එකී බලතල සමානව බෙදී ඇති බව සලකයි.

විවාහය සමඟම සෑම ස්ත්‍රියකටම ඇයට අයිති නිදන කුටියක් හිමිවෙයි. ස්වාමිපුරුෂයාට ඇය සමඟ නිදාගත හැකි නමුදු, ඔහුගේ මවගේ නිවසේ උදෑසන ආහාරය ගැනීම සඳහා උදෑසනින්ම බිරිඳගේ කුටියෙන් පිටත් විය යුතුය. වයස අවුරුදු 10දී පිරිමි ළමයින් මවගේ නිවසින් ඉවත්වී පිරිමින් සඳහා වෙන්වූ නිවාසවල රැඳී සිටිමින් ඔවුන්ගේ ප්‍රායෝගික නිපුණතා සහ ආගමික කටයුතු ඉගෙන ගැනීම කළයුතු වෙයි.

ගෝත්‍රයේ නායකත්වය සෑම විටකම පුරුෂයෙකුට හිමි වුවද, නායකත්වයට පුරුෂයෙකු තෝරා පත්කරගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් හිමිවෙයි. තෝරා පත් කරගත් පුරුෂයා ඔහුගේ රාජකාරි නිසි අයුරින් ඉටුකිරීමට අසමත්ව ඇති බව හැඟී ගියහොත් ඔහු ඉවත් කිරීමේ අයිතිය  ද කාන්තාවන් සතු වෙයි.

 

ඇකා

අප්‍රිකාවේ, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ සහ කොංගෝ හි වාසය කරන ඇකා ජන වර්ගයේ පිරිමින්, ලොව සිටින “හොඳම පියවරුන්” ලෙස සලකනු ලැබේ. මෙම පිග්මි පියවරු, ලොව අන් ඕනෑම ජන කොටසක පියෙකු සිය දරුවෙකු වෙනුවෙන් වැයකරන කාලය මෙන් 5 ගුණයක් සිය දරුවෙකු වෙනුවෙන් කැපකර යි. ගැහැණුන් දඩයම් කටයුතුවල යෙදෙන අතර, පිරිමින් දරුවන් බලාගනිමින් ඉවුම් පිහුම් කටයුතුවල නිරත වේ. මව හෝ පියා කිසිදු මොහොතක සිය දරුවන් තනි නොකිරීමට වගබලා ගනිති. එමෙන්ම, මව හෝ පියා දරුවෙකුට පහරදීම, අඹුසැමියන්ගේ වෙන්වීමක මුලික අඩිතාලම වෙයි.

වඩා පුදුම සහගත කරුණ වන්නේ, මව අසල නොමැති විටක ළදරුවෙකු බඩගින්නෙන් හඬන්නේනම්, ළදරුවාගේ හැඩීම නතර කිරීම සඳහා පියා සිය ළදරුවාට තනපුඩුව ලබාදීමයි.

 

ඛාසි

ඊසානදිග ඉන්දියාවේ මෙඝාලයා ප්‍රාන්තයේ වාසය කරන ඛාසි ජනවර්ගයට දියණියකගේ උපත උත්සවාකාරයෙන් සැමරීම සඳහා හේතුවක් වන අතර පිරිමි දරුවෙකුගේ උපත සරල කාරණයක් වේ. සාමාන්‍යයෙන්, පවුලේ බාලම දියණියට සියලු මුතුන්මිත්තන්ගේ දේපළ උරුම වෙයි. යුවළකට දියණියක් නොමැති නම්, ඔවුන් ගැහැණු දරුවෙකු හදාවඩා ගැනීමට ලබාගන්නා අතර තම සියලු දේපළ ඇය වෙත හිමි කර දෙනු ලැබේ. වර්තමානයේ මේ තත්ත්වය බොහෝ ඛාසි පිරිමින් අතර අසන්තෝෂයට හේතුවී ඇති අතර ඔවුහු තම අයිතිවාසිකම් සුරැකීම සඳහා සමිති සමාගම් පිහිටුවමින් සිටිති.

 

 

ගරෝ

ඛාසි ජනවර්ගය මෙන්ම ඔවුන්ගේ අසල්වැසියන් වන, ටිබෙට්-බුරුම බස කතා කරන ගරෝ ජනවර්ගයේ දේපළ අනුප්‍රාප්තිය මවගෙන් බාලම දියණියට නිතැතින්ම උරුම වෙයි. කෙසේ වෙතත්, අකාන් ජනවර්ගය මෙන්ම මාතෘ මූලික වුවද, සමාජ පාලනය හා දේපළ කළමනාකරණය පිරිමියා සතුවෙයි.

 

නාගෝවිසි

නාගෝවිසි ජනවර්ගය ජීවත් වන්නේ නිව්ගිණි හි බටහිර වෙරළ තීරයේ දකුණු බුගෙන්විල් දූපතේ වෙයි. නාගෝවිසි කාන්තාවන් නායකත්වයට හා උත්සවවල මූලිකත්වයට බැඳී සිටින නමුත්, ඔවුන්ට හිමිකම් ඇති භූමියේ වැඩකටයුතු කිරීම ඔවුන්ගේ අභිමානය වෙයි.

නිසි කල පැමිණි විට නාගෝවිසි කාන්තාව ගෙවතු වගාව හා ලිංගිකත්වය සමාන අයුරින් සළකයි. නීත්‍යානුකූල වීම අනිවාර්ය නොවන විවාහය කාන්තාවගේ කැමැත්ත පරිදි සිදුවේ. යුවලක් දිවා රෑ එකට දක්නට ලැබේ නම්, පිරිමියා කාන්තාවගේ වැඩ කටයුතු වලට සහය දෙමින් නිරතුරුව ඇය හා රැඳී සිටීනම් සියලුම අභිලාෂයන් හා අරමුණු අනුව ඔවුන් විවාහක බවට සලකනු ලැබේ.

 

-ශානිකා රත්නායක-

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 08:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්