Life+News The Official News Portal of Independent Television Network Ltd

පැළ ලක්ෂ 50ක් සිටුවන්න එක්වෙන්නැයි ජනපතිගෙන් ආරාධනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 18:14

පැළ ලක්ෂ 50ක් සිටුවන්න එක්වෙන්නැයි ජනපතිගෙන් ආරාධනා

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ අද (05) පෙරවරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමින්.

ජාතික පරිසර සමුළුව ආරම්භ කෙරුණේ සියලු දෙනා එක්ව පරිසර ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුවයි. අනතුරුව පාසල් ළමුන් අතර පැළ බෙදාදීම සංඛේතවත් කරමින් ඒවා බෙදාදීම සිදුකෙරුණේ ජනාධිපතිතුමා අතින්. පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැවති තරගවල ජයග්‍රාහක සිසුසිසුවියන්ට තිලිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා සිදුකළා. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා අවධාරණය කළේ මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන පරිසරය රැකගැනීම වැදගත් බවයි. කිසිවෙකුට පරිසරය විනාශ කිරීමට ඉඩදිය නොහැකි බවද ජනාධිපතිතුමා සදහන් කළා. ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කළේ යම් දිස්ත්‍රික්කයක සිදුවන පරිසර විනාශය පිළිබදව එම දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බවයි.

මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය අද(05) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මඩුපාර තම්පනකුලම් ප්‍රදේශයේ දී සිදුකෙරුණා. රාජ්‍ය අනුග්‍රහය සහිතව දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමාගේ මග පෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ක්‍රියාවට නංවන ලද පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වන රෝපා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. මෙරට වන ආවරණය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීම මෙහි අරමුණයි.

වන සරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වන රෝපා ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැල මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතුකර තිබෙනවා. ජන සහභාගීත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහනට අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීම බලගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙසට නම්කර තිබෙනවා. 2018 වන රෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරුණේ කොහොඹ පැළයක් රෝපණය කරමින්.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 18:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්