අද එක්සත් ජාතික පක්ෂයට විශේෂ දිනයකි. ඒ මීට වසර 5කට පෙර පක්ෂය දෙකඩකර පක්ෂයේ ජයග්‍රාහී අරමුණු වීනාශ කිරීම සඳහා ගෙන ගිය කල්ලිවාදී ක්‍රියාමාර්ගයක් පරාජයට පත් කළ දිනයක් වීම නිසයි. කුරුදු පොළු ප්‍රහාරය ලෙස ප්‍රකට වූ මෙම සිදුවීම ලංකාවේ දෙශපාලන ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සිදුවීමක් ලෙස ද හැදින්විය හැක. මේ සිදු වීම නොවෙන්න අදත් ඒකාධිපති රාජපක්ෂ පාලනය මේ රටේ රජකරනවාට සැක නැත.
එදා රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයද සහිතව එජාපය දෙකඩ කරන්නට ගෙන ගිය ව්‍යාපාරයේ ගමන් මඟ මාතර නගරයේදී අවසන් වුයේ රටේ වාසනාවකටය. එසේ නොවන්න ද රට වැසියා බුක්ති විඳින නිදහස ප්රජාතන්ත්රවාද සංවර්ධනය අත් විදිනන්ට ලැබෙන්නේ නැත.
එදා කුරුදු පොලු ,යකඩ පොලු පමණක් නොව ගිනි අවි ද රැගෙන එජාපය විනාශ කිරීම සඳහා පාරට බැස්සාට එය වැලැක්වීමට සැබෑ එජාප සාමාජිකත්වය සමත් විය. කල්ලිවාදී අවස්වාථාදීන් සහ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් ඉටු කළ තක්කඩියන් එදා පරාජයට පත් විය. එදා පක්ෂය වෙනුවෙන් ගුටි කෑවේ තුවාල වුනේ එජාපය වෙනුවෙන් පෙනී සිටි අය ය. කිසිවක් නොදත් සාමාන්‍ය පුරවැසියා ද මේ සාහසිකයන් අතින් ගුටි කැවේය. වෙඩි කෑවේය. ඇතැමෙක් සදාකාලික ආබාධිතයන් විය.
ඒ කොහොම වුනත් දැන හෝ නොදැන එජාපය විනාශ කිරීමේ කුමන්ත්රණවලට අසු වූවන් බොහෝ දෙනෙක් ඉතිහාසයෙ කුණු බක්කියට වැටීණි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ශක්තිමත්භාවය මැනිය හැකි ප්රමුඛ සාධකය වන්නේ එජාපයට එරෙහිව, නායකත්වයට එරෙහිව ගෙන ගිය කුමන්ත්‍රණ ගණනාවක් පරාජයට පත් කර අවසානයේ එජාපය ජයග්‍රාහී පක්ෂයක් බවට පත් කිරීමට හැකිවීම තුළය. අද එජාපය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනීපය සමඟ සම්මුතියකට එළඹෙමින් මෙරට ඉතිහාසයේ ආදර්ශමත්ම ජනතාවාදී පාලනය බිහිකිරීමට සමත්ව තිබේ.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්රජාතන්ත්රවාදය ,සාමය, සන්හිඳියාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් දියුණු නූතන වැඩසටහන් රට හමුවේ තබා ඇත. රාජපක්ෂවාදී ගෝත්රිකත්වයන් පරාජය කිරිමට සමත්ව තිබේ. අවස්ථාවාදී බඩගෝස්තරවාදී කල්ලි කණ්ඩායම් විසින් සම්මුතික ආණ්ඩුවට එරෙහිව ගෙනයන සියලු තක්කඩි කුමන්ත්‍රණ නියමිත මොහොතේදී පරාජයට පත් කිරීමට සමත්ව තිබේ. එදා කුරුදු පොලු සිද්ධිය මාතරදී අවසන් කරන්නට එජාපය ගත් තීන්දුව කෙතරම් ශූර දේශපාලනික තීන්දුවක් දැයි අද ජනතාව බුක්ති විඳින යහපාලනයේ ප්රතිලාභයන් දකින විට පැහැදිලි වන සත්‍යයකි.
දැනට මේ ඇති සෙස්ස පස්සට.
-තත්ත්පර 180-