මදුරුවන් බෝවිය හැකි ස්ථාන අනූ හතර දහස් නවසිය හැත්තෑ එකක් හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළා. ඔක්තෝබර් 02 වනදා අවසන් වූ මදුරු මර්දන සතියේ දී පරීක්ෂා කළ මුළු පරිශ්‍ර සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් එක් දහස් තුන්සිය අනූවක්. මදුරුවන් බෝවිය නොහැකි ලෙස ස්ථාන හැට හත් දහස් හයසිය හතලිස් අටක් පිරිසිදු කළ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ. මදුරුවන් බෝවිය හැකි ලෙස ස්ථාන පවත්වාගෙන ගිය 2694 දෙනෙකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමර්ග ගෙන තිබෙනවා.