fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙට්බෝල් කණ්ඩායමට පහසුකම් දෙන්න විශේෂ කැබිනට් පත්‍රිකාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 14:07

නෙට්බෝල් කණ්ඩායමට පහසුකම් දෙන්න විශේෂ කැබිනට් පත්‍රිකාවක්

ජාතික නෙට්බෝල් කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම් ලබාදීම සදහා ලබන සතියේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. 11 වන ආසියා දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට ජාතික දැල්පන්දු කණ්ඩායම සමත්වුණා. වසර නවයකට පසු ආසියා දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට මගපෙන්වීම සිදුකළේ ප්‍රධාන පුහුණුකාරිනිය තිලකා ජිනදාස මහත්මියයි. ජාතික පුහුණුකාරිනිය ලෙස ඇය වැඩ භාරගැනීමෙන් මාස 08 කට පසු මෙම ජයග්‍රහණය ලබා ගැනීම කැපී පෙනෙනවා. තිලකා ජිනදාස මහත්මියගේ සේවා කාලය 2020 වසර දක්වා දීර්ඝ කිරීමට අදාල ලිපිය ඇයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ලබාදීම අද සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 14:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්