බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ පස් කදු කඩා වැටීමක් සිදුව තිබෙනවා. එම ප්රධාන මාර්ගයේ මෙන්ම අතුරු මාර්ගවල ද පස් කදු වැටීම් සිදුවන බව වාර්තා වනවා. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා සිදුව තිබෙනවා.
හල්දුම්මුල්ල ටීඩ්වුඩ් වතුයායාට ඉහළින් ඇති කදුකර ප්රදේශයේ විශාල ගල් පර්වත පෙරලීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ සමග ප්රදේශයේ පවුල් 43 ක පුද්ගලයින් 188 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඊයේ(04) පස්වරුවේ ද විශාල ගල් කිහිපයක් පෙරලී තිබෙනවා. ඉන් කුඩා දරුවෙකුගේ දිවි බේරාගෙන ඇත්තේ ඉතා අසීරුවෙන්. ඒ සමග රාත්රියේදීම අදාළ පවුල්වල සාමාජිකයන් හල්දුම්මුල්ල විබුලානන්දා දෙමළ මහා විදුහලේ රදවා තැබීමට අදාළ නිලධාරීන් කටයුතු කළා. ආපදා කළමනකාරණ නිලධාරීන් පවසන්නේ මෙම ප්ර දේශවාසීන්ට වර්ෂා මාන ලබාදී ඇති බවයි. නියමිත සීමාවට වඩා වර්ෂාව ලැබුණහොත් ඉන් ඉවත්වන ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් එම උපදෙස් පිළි නොපැදීම හේතුවෙන් ගැටලු මතුව ඇති බවද ඔවුන් ප්රකාශ කළා.