fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රියංකා එකිනෙකා මුණගස්වයි…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:32

ප්‍රියංකා එකිනෙකා මුණගස්වයි…

එකිනෙකා මුණගස්වන ප්‍රකට ඩේටින් ඇප් වැඩසටහනක් වෙනුවෙන් ආයෝජනයට ජනප්‍රිය ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා මෙි දිනවල සූදානමින් සිටිනවා.

ඉදිරියේ දී ලොව පුරා හඳුන්වාදීමට සූදානම්  “බම්බල්” නමින් හැඳන්වෙන මෙම ඇප් වැඩසටහන වෙනුවෙනුයි  ප්‍රියාංකාගේ ආයෝජන  එකතු වී ඇත්තේ.

ඇය මෙම ඇප් වැඩසටහන වෙනුවෙන් උපදේශිකාවක ලෙස ද කටයුතු කිරීමට සූදානමින් සිටින අතර, ඉන්දියාව තුළදී මෙය සක්‍රීය විමට නම් මුලින්ම කාන්තාව විසින් මුලපිරීමක් සිදුකිරීම අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

විශේෂයෙන්ම, ඉන්දියාව තුළ එකිනෙකා මුණගැසීමේ දී වඩාත් ආරක්ෂාකාරී වටපිටාවක් ඇති කිරීම සඳහා, ඉන්දියාවටම විශේෂිත පරිසරයක් ඇප් වැඩසටහන තුළ අන්තර්ගත කිරීමට ද මෙහි ක්‍රියාකාරීන් පියවර ගෙන තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

ප්‍රියංකාගේ ආගමනය සම්බන්ධයෙන් බම්බල් පවසා සිටියේ ඇය සිය සමාගමේ සහකරුවෙකු, උපදේශකයෙකු මෙන්ම ආයෝජකයෙකු ලෙස ද කටයුතු කරනු ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්