ඒකාබද්ධ කාලසටහනක් ඔස්සේ ඩිජිටල් තාක්ෂණය උපයෝගීකර ගනිමින් පාසල් කිහිපයක සිසුන්ට එකවර ඉගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=oWHv0C9Y2zg&feature=youtu.be”]
ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. අලුතින් ඉදිකළ ගොඩනැගිල්ල පන්ති කාමර 12 කින් සමන්විතයි. ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 70 ක්. අමාත්‍ය ගයන්ත කරුණාතිලක / දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=UBrgJZ_BCUI&feature=youtu.be”]